Rottweiler - රොට්වයිලර්
![]() |
වාසි
- පවුලට දැඩි පක්ෂපාතී
- නඩත්තුව පහසුයි
- ලොම්යැම අඩුයි
- ට්රෙන් කිරීම පහසුයි
- ශක්තිමත් බව
අවාසි
- පලපුරුද්ද අවශ්යයයි
- තනිව සිටිම ප්රියනොකරයි
- බල්ලන්ට සුහඳ නැත
රොට්වයිලර් කියන්නෙ ඉතින් ඕනේම කෙනෙක් ඇතිකරන්න කැමති බල්ලො විශේෂයක්. ලංකාවේ වගේම ලෝකෙ හැම රටකම වගේ මුන්ට තියෙන ඉල්ලුම නම් වැඩියි. මේ බලු වර්ගය තමයි මුලින්ම පොලිස් බල්ලන් විදියට යොදාගෙන තියෙන්නේ.එවගේම මුන්ගේ තියෙන ශක්තීමත් බව සහ බුද්ධිය නිසා හමුදා පුහුනුන් වලදීත් මුන්ව යොදාගෙන තියෙනවා. මුලින්ම මුන් ගැන ලෝකෙටම දැනගන්න ලැබෙන්නේ ජර්මනියේ “රොට්වයිල්“ කියන නගරයෙන්. ඒ නිසා මුන්ට ගමේ නම තමයි “රොට්වයිලර්“ කියලා පාවිච්චි කරල තියෙනවා.බලන් ගියාම ගමේ කොල්ලේක් මොනවා උනත්. මුන්ට ගොඩක් ශක්තිමත් වගේම ආදරණීය, පවුලේ උදවීයට ලෙන්ගතු හිතක් තියෙනවා කියලා තමයි හැමොගෙම පිලිගැනීම. ගවයන් පාලනයට, කරත්ත අදින්න වගේ වැඩ වලටත් මුන්ව පාවිච්චි කරල තියෙනවා. පළමුවන ලෝක යුද්ධ කාලයේදි මෙගොලොන්ව හමුදා කටයුතු, පණිවිඩ ගෙනයාම, කඳවුරු මුර කරන්න වගේ වැඩ කටයුතු වලට තමයි යොදාගෙන තියෙන්නේ.
රොට්වයිලර් බල්ලෙක් ඇතිකරන්න නම් හොද පුහුනුවක් දෙන්න දැනගෙන ඉන්න ඕනේ.නැත්තන් පස්සේ කාලෙදී බල්ලා දරුනු උනාට පස්සේ කන්ට්රෝල් කරන්න බැරිවෙනවා.
ශරීර ප්රමාණය
හොදින් හැදුනු පිරිමි සතුන් උරහිස තෙක් උස අඟල් 24-27 වෙන අතර ගැහැණු සතුන්ගේ උස අඟල් 22-25 විතර වෙනවා. පිරිමි සතුන්ගේ බර 50ක්ග්-60ක්ග් පමණ වන අතර ගැහැණු සතුන්ගේ බර 35ක්ග්-48ක්ග් පමණ වෙනවා. ලංකාව වගේම ගොඩක් රටවල මේ බල්ලන්ගේ වලිගය කොට කිරීම දකින්නට ලැබෙනවා.හැබයි සමහර රටවල කරන මේ වැඩේ තහනම්.ලංකාවේ නම් එහෙම තහනමක් දකින්න ලැබෙන්නේනෑ.
පාට
මෙගොලොන්ව දකින්න හම්බවෙන්නෙ තද කළු සහ රතට හෝ කහපැහයට හුරු දුඹුරු වර්ණ වලින් විතරයි. කම්මුල්,බෙල්ල, පපුව, කකුල් වල, ඇස් දෙකට උඩින් දුඹුරු පැහැය සලකුණු වෙලා තියෙනවා.
කෑම
මුන්ට කෝප්ප 4ක් 10ක් දවසට වෙල් 2කකට බෙදා දෙන්න පුලුවන්. පුලුවන් තරම් ප්රෝටීන් වැඩි මේදය අඩු කෑම දෙන්න. එතකොට වකුගඩු වලින් කෑම ඉක්මනින් ජීරණ වෙලා තරබාරු වීම අඩු කරන්න පුලුවන්. මාංශ වැඩිමටත්,ශක්ති වර්දනයටත් බලු පැටියෙකුට ප්රෝටීන් කෑම ගොඩක් වැදගත්. මෙගොලොන්ට අවශ්යය පෝෂ්ය පදාර්ථය හම්බ වුනේ නැති වුනොත් කුණු කසල කන්න පුලුවන්.
බලාගැනීම
ඕනේම දෙයක් දෙස ඉවසීමෙන් බලලා ඒක හොඳින් තේරුම් කරගැනීමේ හැකියාවක් මේ බලු විෂේශයට තිබෙනවා.එ වගේම ඕනෑම දෙයක් ගොඩක් ලේසියෙන් උගන්වන්න පුළුවන්.එ කිව්වේ බල්ලව ට්රේන් කරන එක ලෙහෙසියි කියන එකනේ. ගෙදර කුඩා දරුවෝ ඉන්නවා නම් අවුලක් වෙන්න දෙයක් නෑ මොවුන් එ දරුවන් එක්ක බොහොම හොඳින් හිතවත් වෙනවා. ඒත් ආගන්තුක ළමයින් අසලදී පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. හොදට හැදිච්ච රොට්වයිලර් කෙනෙක් හැමවෙලේම සන්සුන්ව ඉන්නවා වගේම ගොඩක් බයනැති බවක් නිතරම පෙන්වනවා. කිසිම අවස්තාවකදි අමුත්තන්ට බය බවක් නම් පෙන්වන්නේ නෑ.ඒ වගේම තමන්ගේ ගෙදර අයට ගොඩාක් ආදරය කරන මොවුන්, පවුලේ අය ආරක්ෂා කරන්න ආයේ දෙපාරක් හිතන්නේ නම් නැහැ.
අමුත්තන්ව වැඩි කැමැත්තක් පෙන්නන්නෙ නැති රොට්වයිලර් බලු වර්ගය ලේසියෙන් නාඳුනන අයෙක් එක්ක නම් සුහඳ වෙන්නේ නෑ.තව විශේෂ කරුනක් තමයි තමයි පිට කෙනෙක් නිවසට ඇතුල් වුනොත් මොවුන් ඉතාම දරුණු විදිහට හපලා පහරදෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවකදි බල්ලව හරියට මෙල්ල කරගැනීමට පළපුරුදු හිමිකරුවෙක්ට පුළුවන්. ඒ නිසයි මෙවැනි ශක්තිමත් සුනඛ වර්ගයක් ඇති කිරීමේදී පළපුරුද්ද නම් ගොඩක්ම වැදගත්.
ගෙදර වත්ත වටේට ආරක්ෂක වැටක් හරි තාප්පයක් හරි තියෙන ගෙදරක මෙගොල්ලෝ ඇති කරනවා නම් ශේප්. ඒක බල්ලගෙ ආරක්ශාවටත් අනිත් සතුන්ගේ සහ අමුත්තන්ගෙ ආරක්ෂාවට වැදගත්ම දෙයක්.හැබයි කූඩුවකට දාලා පවුලෙන් වෙන් කර කරලා රොට්වයිලර් බල්ලෙක් හදන්න හිතන් ඉන්නව නම් ප්ලීස්.. මිලදීගන්න වත් ඇති කරන්නවත් එපා.හේතුව එහෙම වුනොත් උන් ඉතාම දරුණු විදිහට හැසිරෙන්න පුලුවන්.
සෞඛ්යය
සාමානයෙන් ලෙඩ රෝග අඩුම ඉතාමත් ශක්තිමත් බල්ලන් වර්ගයක් විදිහට රොට්වයිලර් හඳුන්වන්න පුළුවන්. සෞඛ්යය සම්පන්න රොට්වයිලර් බල්ලෙක් අවුරුදු 8ත් 10ත් කාලයක ජිවත් වෙන්න ආයුශ තියෙනවා.එහෙත් මුන් ඕනවට වඩා මහත් වුනොත් උකුල් අස්ථියේ ආබාධ, හෘද රෝග වගේම දියවැඩියා ලක්ෂණ පෙනවන්න ඉඩ තිබෙනවා. ඒ නිසා හොඳින් ව්යායාම කරවීම නම් හැමවෙලාවෙම වැදගත්.මුන් සෙල්ලන් කරන්න, ඇවිදින්න කැමති නිසා දවසට විනාඩි 10ක් 20ක් එක්සසයිස් කරවන්න පුලුවන් නම් නියමයි.
රොට්වයිලර් කෙනෙක්ට තියෙන ලොකුම අවදානම තමයි පර්වො වයිරසය වැළඳීම.එ වගේම හොයාගෙන තියෙනවා මොවුන්ට පර්වො වයිරසය වැළඳීමේ අවදානම අනෙක් සුනඛ වර්ග වලට සාපේක්ෂව වැඩි බව. එ වුනාට හරි වෙලාවට පර්වො එන්නත ලබා දුන්නොත් නම් මෙ රිස්ක් එක 100%ක්ම නවත්තන්න පුළුවන්. ඒ නිසා මේ බල්ලන් මිලදීගන්නකොට වගේම මොවුන් ඇතිකරනකොටත් විශේෂයෙන් පර්වො එන්නත හරියටම ලබා දී ඇත්ද යන්න ගැන සැලකිලිමත් වෙන්න. තව දෙයක් මුන් උගෙම අසූචි කෑමට ගන්නවනම් ඒ එගොල්ලොන්ගෙ ආතතියට වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් මොකක් හෝ ලෙඩ රෝගයක් නිසා වෙන්න පුලුවන්. ඒ වගෙ වෙලාවට ඉකමනින්ම පශු වෛද්යවරයෙක්ට පෙන්වන්න.
සැ.යු උපුටා ගැනීමකි
